අනාගත කෙටි දුර ශුරියකගේ තරු ලකුණු පෙන්වන බිනදි – Binadi Gunawardana

ඔබ දන්නවා crysbro next champ අපි හැමදාමත් අනාගතයේ පුදින්නට නියමිත දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුන්වා දෙනවා, අදත් අපි එහෙම ක්‍රීඩකයෙක් ඔබට හඳුනවාදෙන්න සූදානම්.

ඔබේ නම

මගේ නම බිනදි ගුණවර්ධන

ඔබේ පාසල

මම බම්බලපිටිය හොලී ෆැමිලි කොන්වන්ට් එකේ 11 වසරේ ඉගෙන ගන්නවා.

ඔබ ක්‍රීඩාකරන ඉසව් මොනාද?

මම මීටර් 100 සහ 200 ඉසව් වලට සහභාගී වෙනවා

ඔබ මෙතෙක් ලබාගත් ජයග්‍රහණ ගැන කතාකලොත්

මම 2018 All Island මීටර් 100 ඉසව්වේ 3 වෙනි ස්ථානය ලබාගත්තා ,
ජෝන් ටබට් තරඟාවලියේ මීටර් 100, 200 ඉසව් දෙකේම දෙවෙනි ස්ථානය.

ඔබ මලල ක්‍රීඩාවට යොමු වුණේ කොහොමද? සහ ඔබගේ පුහුණුවීම් කටයුතු සිදුවන්නේ කොහොමද?

මම 7 වසරේ ඉදන් තමයි මලල ක්‍රීඩාවට යොමු වුණේ, සෙනෙවිරත්න සර් ගව තමයි මුලින්ම practice කලේ ඊටපස්සේ 8 වසරේදී ඩිලාන් සර් ගාවට ගියා,

ඉස්කෝලේ ඉවර උනාට පස්සේ සතියේ දවස් 4ක් අපිට පුහුණුවීම් තියෙනවා, සෙනසුරාදා උදේ පුහුණුවීම් කරනවා ඉරිදා දියගම stadium එකේ පුහුණුවීම් කරනවා සර් මට ගොඩක් උදව් කරනවා පුහුණුවීම් කටයුතු වලට.

පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ ඉස්කෝලෙන් මට ගොඩක් හොඳ සහයෝගයක් ලබාදෙනවා, සිස්ටර් දීපා ගොඩක් උදව් කරනවා ඒ වගේම මට මුලින්ම මලල ක්‍රීඩාවට එන්න උදව් කරපු තුල්‍යා මිස් තනුජා මිස්වත් මතක් කරනවා මිස් ශවිණි මිස් සංදීපා මිස් ඉන්දිකා මිස් රන්දිකා වගේ අයවත් මතක් කරන්න ඕනේ.

පාසලෙන් සහ නිවසින් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු

පුහුණුවීම් කරන තැනත් යාලුවන්ගේන හොඳ සහයෝගයක් ලැබෙනවා class එකේ යාළුවොත් උදව් කරනවා, මගේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මමයි අයියයි, අම්මා තාත්තා ගොඩක් උදව් වෙනවා ආච්චිත් උදව් වෙනවා එයාල හැමදාම මගේ events බලන්න එනවා

අනාගත බලාපොරොත්තු මොනාද?

ඉස්සෙල්ලම මෙවර next champ විදියට මාව තොර ගත්තට crysbro ආයතනයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා, මගේ අනාගත බලාපොරොත්තුව ලංකාවට ඔලිම්පික් පදක්කමක් ලබාදීම.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x