අබාධයක් උනාම නිසියාකාරව අයිස් තියන්න ඔබ දන්නවද? Dr Daminda Aththanayaka

අපි ක්‍රීඩා අනතුරු සහ ක්‍රීඩා අනතුරු වළක්වා ගන්නේ කොහොමද කියලා කතා කලා අද අපි කතා කරන්න යන්නේ ක්‍රීඩා අනතුරක් සිදු වුණොත් එයට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා.

ඔයාලා හැමෝම අහලා සහ දැකලා ඇති ක්‍රීඩා අනතුරක් උනහම අයිස් තියෙනවා . ඉස්සර අපි උණු වතුරෙන් තැවීම එහෙමත් නැත්තං බාම් වර්ග පාවිච්චි කරාට දැන් අපි කරන්නේ අයිස් තියන එක අපි අද සාකච්චා කරමු මේ අයිස් තියන එක කොහොමද අපි හරියට කරන්නේ කියල, කෙනෙක් ආබාධයට ලක් උණු විගසම ඒ මොහොතේ ඔහුව ක්‍රීඩාවෙන් පිටතට රැගෙන ගොස් ඔහු සපත්තුවක් පැළඳ සිටීනම් එය ඉවත් කරන්න ඔනේ ඊට පසු ආබාධයට ලක්වූ ස්ථානයට අයිස් තැබිය යුතුයි. මේ අයිස් තැබීමේදී අයිස් කෙලින්ම සමේ ගැටීමට සලස්වන්නේ නැහැ අයිස් බෑග් එකක් සොයාගැනීමට අපහසුනම් පොලිතින් මල්ලක් හෝ ඔබ ඇඳන් සිටින කමිසයක් හෝ තබා කෙලින්ම සමට ස්පර්ශ නොවන පරිදි අයිස් තැබිය යුතුයි. මෙය විනාඩි 10ක් පමණ අදාල ස්ථානයේ තැබිය යුතුයි. මෙය පැය 2කට වරක් සිදු කල යුතුයි, අයිස් තැබීම සති ගණනක් සිදු කරන ප්‍රතිකර්මයක් නොවෙයි මෙහි ප්‍රතිපල පැය 72කින් පමණ පසු අපට දැකගැනීමට පුළුවන් වෙනවා.

අයිස් තැබීමට අමතරව එම ආබාධයට ලක්වූ ස්ථානය වෙළුම් පටියකින් වෙලීමටද ලක් කල යුතුයි. වෙළුම් පටිය දීමේදී එය පොඩි පිඩනයකින් යුතුව වෙලිය යුතුයි. අප මේ සිදු කරන්නේ මුලික ප්‍රතාමධාරයක් පමණයි එම නිසා අයිස් තබා වෙළුම් පටි යොදා මෙම ක්රිදකයව විවේක ගැන්විය යුතුයි පසුව මෙම ක්රිදකයව වයිද්යවරයෙකුට යොමු කර ඒ අදාල උපදෙස් ලබාගත යුතුයි.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x