ඔබත් ක්‍රීඩාවේ නිරත වන කෙනෙක් ද? ක්‍රීඩා අනතුරු පිළිබඳ ඔබ දැනුවත් ද?

ක්‍රීඩා අනතුරු  පිළිබඳ කතා කිරීමේදී, ක්‍රීඩා අනතුරු සිදුවන්නේ කෙසේද, ශරීරයේ කුමන ස්ථාන ආශ්‍රිතව ද ක්‍රීඩා අනතුරු සිදු වන්නේ. මේ සටහන ක්‍රීඩා අනතුරු පිළිබඳ ඔබගේ දැනුමට.

ක්‍රීඩාවක් සිදු කරන අතරතුර ක්‍රීඩකයකු ලක් විය හැකි ක්‍රීඩා අනතුරු කොටස් දෙකකට
බෙදා වෙන් කර දක්වන්න පුලුවන්. ඒවා නම්

  • මෘදු පටක ආශ්‍රිතව සිදුවන ක්‍රීඩා අනතුරු
  • ඝණ පටක හෙවත් අස්ථි ආශ්‍රිතව සිදු වන ක්‍රීඩා අනතුරු

මෙම අනතුරු අකාර දෙකෙන් අපට බහුලව දක්නට ලැබෙන්නේ මෘදු පටක ආශ්‍රිත අනතුරුයි.

ක්‍රීඩා අනතුරු වලදී එම අනතුර ඇති වන්නේ කෙසේද කියන එක පිළිබඳ දැනුවත් වීම ඉතාම වැදගත්.

අනතුරකට ලක් වූ අයෙක් මෙසේ පවසනවා නම් මගේ කකුල ගලක හැපිලා පෙරලුණා, කකුල වලකට වැටුණා හෝ තවත් අයෙක්ගේ කකුලක් පැටලිලා පෙරලුණා ලෙස පවසනවා නම් ඔහු ඔහුගේ අනතුරට  හේතුව දන්නවා. එලෙසම තවත් අයෙක් හෙතුවක්
නොදන්න අතර ඔහුත් අනතුරට ලක් වෙලා. මෙන්න මෙලෙස හේතුවක් නොදැන අනතුරට ලක් වීම පිලිබඳව සොයා බැලීම ඉතාම වැදගත්. එයට හේතුව නම් ක්‍රීඩා අනතුරකට ප්‍රතිකර්ම කිරීමේදී රෝග ලක්ෂණයට පමණක් ප්‍රතිකාර කිරීමෙන් පලක් නැත. ප්‍රතිකාර කල යුත්තේ අනතුරට හේතුව සොයා ගැනීමෙන් අනතුරුවයි.

මෘදු පටක ආශ්‍රිත අනතුරු  ගණයට අයත් වන්නේ ශරීරයේ පහත කොටස් වල සිදු වන අනතුරුයි. ඔබ දන්නවා ඇති ශරීරය තුල ඇති අස්ථි දෙකක් හෝ ඊට වැඩි කොටසක් එකතු වී සෑදෙන සන්ධි ඒ ආකාරයෙන්ම පවත්වා ගැනිමට හා සන්ධියේ චලන පරාසය පවත්වා ගැනීමට
මාංශපේෂි අවශ්‍ය වනවා. මෙම මාංශපේෂීන් අස්ථි වලට සම්බන්ධ වන්නේ ඛණ්ඩරා වලින්. එලෙසම සන්ධියේ
චලන පරාසයට වැදගත් වන තවත් කොටසක් තිබෙනවා. එය බන්ධනී නම් වනවා. ඉහත සදහන් කල ඛණ්ඩරා, බන්ධනී හා මාංශපේෂි ආශ්‍රිතව ඇති වන ක්‍රීඩා අනතුරු මෘදු පටක ආශ්‍රිත ක්‍රීඩා අනතුරු ගණයට අයත් වනවා.

මෙම මෘදු පටක ආශ්‍රිත අනතුරු අප මුලින් කතා කල පරිදි හේතුව පිළිබඳව දැනුවත්ව සිදු වූ අනතුරක් නම් ඒවාට එම අවස්ථාවේ සිදුවන ක්‍රීඩා අනතුරු ලෙස නම් කරනවා. හේතුවක් නොදැන මෘදු පටක ආශ්‍රිත සිදුවන අනතුරු Overuse, Overturning  හෝ වෙනත් කුමක් හෝ හේතුවක් මත සිදු වූ අනතුරු ලෙස නම් කෙරෙනවා.

මෙලෙස සිදුවන ක්‍රීඩා අනතුරු අවම කර ගැනීමට නම්, විද්‍යාත්මක ක්‍රීඩා පුහුණුව ඉතා වැදගත්. එලෙසම ක්‍රීඩකයාගේ වයස, ක්‍රීඩාවේ නිරත වන කාලය, යෝග්‍යතා මට්ටම කොපමණද යන කරුණු මත ලබා දෙන ක්‍රීඩා පුහුණුව ඉතාම වැදගත්.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x