ක්‍රිකට් පිටියේ නොමැකෙන සටහනක් තැබූ ක්වීන්ස්ලන්ඩ් හි දැවැන්තයා – Matthew Hayden

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගොවි පවුලක උපන් දරුවන් දෙදෙනෙකු කුඩාකල සිට බෙහෙවින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කළා ඉන් වැඩිමහල් දරුවට  වයස අවුරුදු 8ක් වෙද්දී ඔහුට දිරි දීමක් වශයෙන් තාවකාලික  තණතීරුවක් තනා දුන්නා. මේ අතරින්  වයස අවුරුදු 3ක් වුන බල දරුවාට ක්‍රිකට් පිත්තක් හෝ ඔසවා ගැනීමට හැකියාව නොතිබියදීත් තම වැඩිමහල් සොහොයුරා සමඟ හරි හරි හරියට ක්‍රීඩා කිරීමට වෙහෙසුනා. බොහෝ වැඩිහිටියන් තුල ඒ පිළිබඳව තිබුනේ හාස්‍ය සිනාවක්,

කෙසේ වෙතත් වැඩෙද්දී මේ කුඩා දරුවා ශරීර ප්‍රමාණයෙන් සිය සොහොයුරා අභිබවා ගියා  පිතිකරණයට වඩාත් උනන්දුවක් දැක්වූ  මෙම දරුවාගේ පළල දෙඋර මෙන්ම දැවැන්ත ශරීරයද ඔහුට ආශීර්වාදයක් බවට පත් වුණා පන්දුවක් ලේසියෙන් පිටියෙන් එලියට යැවිය හැකි දැවැන්ත පහරවල් එල්ල කරන ක්‍රීඩකයෙකු හඳුනා ගැනුණා.

කාලය කෙමෙන් ගෙවෙද්දී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය නියෝජනය කිරීමට මෙම ක්‍රීඩකයා සමත් වුණා ඉන් වසර කිහිපයක් ගෙවී යද්දී ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් මෙන්ම එක්දින කණ්ඩායමේද ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට වරම් හිමි උනා.මැතිව් හේඩ්න් නම් මේ දැවැන්තයා සිය ටෙස්ට් තරඟ දිවිය තුල තරඟ 103කට ක්‍රීඩා කරමින් ශතක 30ක්ද සහිතව ලකුණු අධිකව රැස් කලේ ඉනිමක සාමාන්‍ය ලකුණු 50කටත් වැඩි අගයක් පවත්වාගෙන යමින්. එසේම වරක් ඔහු ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු සඳහා වන බ්‍රයන් ලාරාගේ ලකුණු 375 වාර්තාව බිඳ හෙලමින් ලකුණු 380ක්ද රස කළා.

එක්දින තරඟ 161 කදී කැන්ගරු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වූ මැතිව් හේඩ්න් ලකුණු 6000කට අධිකව රැස් කලේ ඉනිමක අගය ලකුණු 43කට අධිකව පවත්වාගෙන යමින් ඔහු තම තරඟ දිවිය තුල රැස් කල එක්දින ශතක සංඛ්‍යාව 10ක්, කුඩාකල සිට අප්‍රමාණව ප්‍රියකළ ක්‍රීඩාවෙන් සිය රටේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් දෙකේ ආරම්භක ක්‍රීඩකයා වීම ඔස්ට්‍රේලියානුවෙකුටනම්  දුෂ්කර ඉලක්කයක්, ඒ අරමුණු දෙකම සපුරාගත් මේ ක්වීන්ස්ලන්ත දැවැන්තයා අද වන විට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාස පොතේ මකාදැමිය නොහැකි පරිජ්ජේදයක් බවට පත්ව සිටිනවා.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x