දුර පැනීම ලෝක වාර්තාවේ සැබෑ හිමිකරුවා බොබ් බීමන්ද (Bob Beamon)? නැත්තම් මයික් පවෙල්ද (Mike Powell)?

සමහර ලෝක වාර්තා තිබෙනවා අවුරුදු ගණනාවක් ගිහිල්ලත් කඩන්න බැරි නිකමට හිතන්න ඒ වාර්තා තබපු පුද්ගලයින් කොච්චර දක්ෂද කියලා, අද අපි කියන්න යන්නෙත් එහෙම ලෝක වාර්තාවක් තිබ්බ කෙනෙක් ගැන.

ඇමරිකාවේ උපත ලැබූ දරුවෙකු කුඩා කල සිටම ආර්ථික දුෂ්කරතාවලින් පීඩා වින්දා ඔහු ජිවත් උනේ අඩු අදායම්ලාභී පවුල් වලට වෙන්වූ මහල් නිවාස වල, පාසලේදී මෙන්ම විශ්ව විද්‍යාලයේද ඔහු මලල ක්‍රීඩාවට දැක වූයේ දැඩි කැමැත්තක් 1965දී මෙම ඇමරිකානුවගේ නාමය පාසල් පිටිය ආක්‍රමණය කිරීමට සමත් වන්නේ ඔහුගේ දස්කම් නිසාමයි.

1968 ඔලිම්පික් උළෙලට බොබ් බීමන් නම් මෙම ක්‍රීඩකයා සුදුසුකම් ලැබුවේ සුදුසුකම් ලයිස්තුවේ දෙවෙනියා ලෙසින්, අවසන් වටයේ පළමු ප්‍රයත්නයේදීම ඔහු විසින් සිදු කල පිම්ම ලොවම මවිත කල පිම්මක් උනා ඒ 8.9ක දුරක් සනිටුහන් කරමින්,එය ඔලිම්පික් වාර්තාවක් පමණක් නොව ලෝක වාර්තාවක් ලෙසද සනිටුවහන් වුනා. ඔහුගේ මෙම ලෝක වාර්තාව මයික් පවෙල් විදින් 1990 වසරේදී බිඳ දැමුවත් වසර 50ක් ගතව ඇත්ත ඔලිම්පික් වාර්තාව සනිටුවහන් වෙන්නේ බොබ් බීමන්ගේ නමින්, ලෝක වාර්තාව මයික් පවෙල් බිඳ දැමුවත් තාක්ෂණය නොදියුණු කලක 8.9m ක දුරක් සනිටුවහන් කරමින් බොබ් දැක්වූ මෙම දක්ෂතාවය නිසා ඔහු දුර පැනීමේ ලෝක ශුරයා ලෙස තවමත් විචාරකයක් විසින් පිළිගනු ලබනවා.

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x