පොලොන්නරුවෙන් බර ඉසිලීමට බිහි වූ අපේ තරුව ඉමල්ශා මධුශානි..

ජයග්‍රහණය කරා යාමට නම් බලාපොරොත්තු තිබෙන්න ඕනි. අප බලාපොරොත්තු ගොඩ නගා ගන්නේ හෙට දවස වෙනුවෙන්. එසේ ලංකා ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් තවත් එක් බලාපොරොත්තුවක් සොයා ගිය ගමනක්. 

ඔබ ගැන කෙටි හැදින්වීමක්  කලොත්?

මගේ නම ඉමල්ශා මධූශානි සමරසිංහ.
මම ඉගෙනුම ලබන්නෙ පොලොන්නරුව සෙවනපිටිය  මධ්‍ය මහා විද්‍යාලයේ.
උසස්පෙළ හදාරන්නේ 12 ශ්‍රේණියේ කලා අංශයෙන්.
මගේ ක්‍රීඩාඉසව්ව බර ඉසිලීම.

ඔබ ලබා ගත් ජයග්‍රහණයන් මොනාද?

මුලින්ම 2015 හා 2016 වර්ශ වල සමස්ථ ල්ංකා බර ඉසිලීමේ පාසල් තරගාවලියේ ප්‍රථම ස්ථානයත්,
2017 හා 2018 වර්ශ වල සමස්ථ ලංකා බර ඉසිලීමේ තරගාවලියේ දෙවන ස්ථානයත් ලබා ගත්තා.

2019 වර්ශයේ සමස්ථ ලංකා බර ඉසිලීමේ තරගාවලියේ ප්‍රථම ස්ථානයත් ලබා ගත්තා.
2016, 2017,2018 හා 2019 යන වර්ශ වල කණිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේ දෙවන ස්ථානයත්
ලබාගෙන තිබෙනවා.

ඔබට මේ ජයග්‍රහණ කරා යාමට පවුලෙන් හා පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

දෙමාපියන්ගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා වගේම මගේ මේ ඉදිරි ගමනට
අම්මා තාත්තා ගොඩක් උදව් කරනවා.

ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරුමණ්ඩලයෙනුත් ඉතා හොද සහයෝගයක් ලැබෙනවා.
ඒ වගේම මගේ පුහුණුකරු ලෙස කටයුතු කරන කැලුම් දයාන් පද්මසිරි සර් විශාල සහයෝගයක්
ලබා දෙනවා.

මෙම ක්‍රීඩාවෙන් ඔබගේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?
මගේ ක්‍රීඩා ඉසව්වෙන් ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගේන්න තමා බලාපොරොත්තුව..

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x