රාජාංගනයෙන්, ඔලිම්පික් ක්‍රීඩාංගනයට පාර හොයන ඉසුරු සදරුවන්

හෙට දවස කියන්නේ සැම විටම බලාපොරොත්තුවක්. ක්‍රිස්බෝ නෙක්ස්ට් චෑම්ප් කියන්නේ ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් නවමු වූ බලාපොරොත්තු සොයා යන ගමනක්.

එසේ ගිය ගමනක තවත් එක් නැවතුම්පොළක්. මේ රාජාංගනේ ඉසුරු සදරුවන්.

ඔබ ගැන කෙටි හැදින්වීමක්  කලොත්?

මගේ නම ඉසුරු සදරුවන්. මම ඉගෙනුම ලබන්න රජාංගනය යාර දහය හරිස්චන්ද්‍ර  මහා විද්‍යාලයේ. උසස්පෙළ හදාරන්නේ 12 ශ්‍රේණියේ කලා අංශයෙන්. මගේ ක්‍රීඩා ඉසව්ව හෙල්ල විසිකිරීම.

ඔබ ලබා ගත් ජයග්‍රහණයන් මොනාද?

මුලින්ම 2016 වසරේ ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීම  ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඒ වගේම මේ වන විට හෙල්ල විසිකිරීම    ඉසව්වෙන් මගේ පළාත් වාර්තා දෙකක් තියෙනවා.

ඔබට මේ ජයග්‍රහණ කරා යාමට පවුලෙන් හා පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

දෙමාපියන්ගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා.  ඒ වගේම මගේ මේ ඉදිරි ගමනට අම්මා තාත්තා ගොඩක් උදව් කරනවා. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරුමණ්ඩලයෙනුත් ඉතා හොද සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ පුහුණුකරු ලෙස කටයුතු කරන කසුන් ප්‍රශාද් ගුරුතුමා විශාල සහයෝගයක් ලබා දෙනවා.

මෙම ක්‍රීඩාවෙන් ඔබගේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?

මගේ ක්‍රීඩා ඉසව්වෙන් ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගේන්න තමා බලාපොරොත්තුව..

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x