ලංකාවෙන් ගිලිහිලා යන ජිම්නාස්ටික් ශූරයා රුචිර සංජන

“ඔබ දන්නවා ඇති අප යම් දෙයකට ලබා දිය යුතු නිසි වටිනාකම ලබා නොදුන්නහොත් අපි නොදැනුවත්වම අපෙන් ඒ දේ ගිලිහිලා යනවා.”

ඉතින් අද අපේ කතා බහ පෙළගැසෙන්නේ වගකිවයුතු බලධාරීන්ගේ අවිධිමත් ක්‍රියා කලාපය හේතුවෙන් ලංකාවෙන් ගිලිහිලා යන්න හදන ජිම්නාස්ටික් ජාතික ශූරයකු වන රුචිර සංජන සමගයි.

රුචිර, අපි අද කතාබහට මූලාරම්භයක් ලබා ගන්නේ ඔබ ගැන වගේම ඔබ ජිම්නාස්ටික් ක්‍රීඩාවට පලමු පියවර තබන්නේ කොහොමද කියන කාරණයත් සමගයි.

මගේ නම රුචිර සංජන ප්‍රනාන්දු. මගේ පාසල මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයයි.

ජිම්නාස්ටික් වලට මන් මුලින්ම යොමු වෙන්නේ අපේ තාත්තා නිසා. මම පොඩි කාලේ ටිකක් දගයි. ඉතින් පෙර පාසල් යන කාලෙම තාත්තා මාව මෙම ක්‍රීඩාවට යොමු කරා.

පත පොතේ අකුරට වගේම ජිම්නාස්ටික් ක්‍රීඩාවේ අකුර කරන්නත් ඔබ කුඩා කලම ආරම්භ කරා.මොනාද මෙම ක්‍රීඩාවෙන් ඔබ ලබා ගත් ජයග්‍රහණයන්?

මාරිස්ටෙලාව තුල ජිම්නාස්ටික් ක්‍රීඩාව තිබුණ නිසා මාව එම පාසලට ඇතුලත් කරා. එහිදී මම ජාතික පාසල් මට්ටමින්  ජයග්‍රහණ ලබා ගැනීමත් සමගම මම ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී උනා.

එම ක්‍රීඩා උළෙලේ 2016,2017,2018 යන වර්ශ වල ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ජාතික ශූරයා බවට පත් වෙන්න මට හැකි වුණා.

ඒ වගේම 2016 දී නැම්බියාවේ දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී හරස් දණ්ඩ ඉසව්වෙන් තුන්වන ස්ථානය මම ලබා ගත්තා.

එම පදක්කම ලබා ගැනීමෙන් පසු ඔබට ලංකාවෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?

ඇත්තම කිව්වොත් ඉන් පසුව මට මෙම ක්‍රීඩාවෙන් ලංකාව තුල තැනක් නැතිව ගියා. මේ වර්ශයේත් පොදුරාජ්‍ය මණ්ඩලීය World Games පැවැත්වුණා.

එයට ලංකාවෙන සහභාගි උනේ එක් ක්‍රීඩිකාවක් පමණයි. මෙයට හේතුවක් විදියට මන් දකින්නෙ දැනට පවතින ජිම්නාස්ටික් ක්‍රීඩා සංගමයේ අභ්‍යන්තර ගැටලුවකාරී තත්වයයි.

ඔබ 2016 දී පොදුරාජ්‍ය මණ්ඩලීය තරග වලට සහභාගි වනවා. එහිදී ලබපු ජයග්‍රහණය ගැන ඔබට දැන්නේ කොහොමද?

තරගයට සහභාගි වනතුරුත් මම ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් නෙවේ සිටියේ. නමුත් අවසාන මොහොතේදී මම කරපු පුහුණුවීම් සමගම මන් මගේ උපරිම දක්ශතාවය දැක්වුවා. ඉතින් එම දක්ශතාවයට සුදුසු වටිනාකම ලැබුණා.

නමුත් ඒ පදක්කමට ලංකාවෙන් ලැබුණු දේ ගැන බලද්දී යම් කලකිරීමක් තිබෙනවා.

රුචිර ඔබ පවසන අන්දමට ඔබේ දක්ශතාවයට ඔබගේ ක්‍රීඩාවට හිමි විය යුතු තැන  ඔබට ලංකාවෙන් ලැබිලා නෑ. මේ හේතුව නිසා ඔබ යම් මානසික පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. එම මානසිකත්වයත් සමග කොහොමද ඔබ ඉදිරියට ඔබගේ ක්‍රීඩා කටයුතු කරගෙන යන්නේ?

ඔව්. මම දකින විදියට මෙවැනි තත්වයක් මත මට තවදුරටත් ලංකාව තුල මේ ක්‍රීඩාව කරන්න බැහැ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගි වෙලා මන් පදක්කම ගෙන  ආවට පසුවත් සැලකිය යුතු මට්ටමේ පුහුණුවක් නොලැබෙන නිසා මගේ තාත්තා මාව ඉතාලියේ පුහුණුවීම් වලට යොමු කරා.

මින් ඉදිරියටත් මන් බලාපොරොත්තු වන්නේ පිටරටකට ගිහින් පුහුණුවීම් ලබලා ලංකාව වෙනුවෙන් පදක්කමක් ගේන්න.

ඔබ සිතන අකාරයට ලංකාවෙන් කුමන කරුණු කාරණා සම්බන්ධව ද වගේම කුමන මට්ටමේ සහයෝගයක්ද ලැබිය යුත්තේ?

අපට පුහුණුවීම් සිදු කිරීමට පිටරටකින් පුහුණුකරුවෙකු ගෙන්වලා හෝ අපට යම් කිසි ශිෂ්‍යත්වයක් ලබා දුන්නොත් ලංකාව වෙනුවෙන් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් පදක්කමක් ගේනවා කියන එක තවත් පහසු වනවා.

සංජන ඔබ දන්නා පරිදි මෙම ක්‍රීඩාවෙන් දක්ශතා දක්වන තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවාද ?

ඔව් බොහොමයක් දෙනා ඉන්නවා. ඒ සියලු දෙනාත් පත් වෙලා ඉන්නේ මන් ඉන්න තත්වයටමයි. මේ හේතුව නිසා ඉතා හොද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉදිරියට යාමේ අවස්ථාවයි ගිලිහී යන්නේ.

ඇත්ත වශයෙන්ම සදහන් කලොත් ජිම්නාස්ටික් ක්‍රීඩාව සදහා නිසි සංගමයක් ලංකාව තුල නැහැ. වගකිවයුතු බලධාරීන් විසින් විධිමත් ලෙස මෙම ක්‍රීඩාව සදහා සංගමයක් ආරම්භ කරලා පුහුණුකරුවන් ගෙන්වලා කටයුතු කරනවා නම් මා වැනිම තවත් ජාත්‍යන්තර
මට්ටමේ පදක්කම් වලට ලංකාවේ නම ලියන්න පුලුවන් ක්‍රීඩකයින් ඉන්නවා.

සංජන ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔබගේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?

කොහොම හරි පුහුණුවීම් සිදු කරලා ජාත්‍යන්තර මට්ටමේ තරගවලින් පදක්කමක් ගේන්න තමා බලාපොරොත්තුව .

හොදයිර, රුචිර මේ වන විට ඔබ ලංකාව තුල මෙන්ම ඉතාලිය තුල පුහුණුවීම් කටයුතු  සිදු කරලා තිබෙනවා. ඉතාලිය ගත් විට ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඉහළ තලයේ සිටින රටක්. ඔබ මේ රටවල් දෙකෙහිදී පුහුණුකරුවන් තුල ක්‍රීඩකයින් තුල දකින වෙනස කොහොමද?

මෙහෙමයි අපේ රටට සාපේක්ෂව ඉතාලිය පහසුකම් අතින් සංවිධානාත්මකභාවය අතින් ඉතාම ඉහළයි. ඒ වගේම පුහුණුකරුවන්ගේ දැනුම මට්ටම ඉහළ නිසා ක්‍රීඩකයින් ද ඉතා හොද මට්ටමක ඉන්නවා.

සංජන ඔබ අද මේ තත්වෙට ඇවිත් තිබෙන්නේ විවිධ බාධකයන් මධ්‍යයේ.  ඉතින් මේ ගමන මෙතෙක් දුර ඒමට ඔබට අත හිත දුන් අය මතක් කරොත්,

මුලින්ම මගේ අම්මා,තාත්තා මතක් කරන්න ඕනි. ඒ වගේම මාව ඉතාලියට ගත්ත මගේ බාප්පාවත් මෙතෙක් කල් මාව මේ තත්වයට ගේන්න මාව පුහුණු කරපු පුහුණුකරුවන්වත් මතක් කර සිටින අතර ඔවුන් හට මාගේ ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x