වේදනාවක් නොදැනීම යනු අබාධය සුව වී ඇති බව නොවේ – Dr. Daminda Aththanayake

මීට පෙර කතා කරා ක්‍රීඩා අනතුරු වළක්වා ගැනීම පිළිබඳ එතකොට අපි කිව්වා වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වෙන්න ඕනේ ෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වෙන්න ඕනේ ඊට පස්සේ විද්‍යාත්මක පුහුණුවක් ලබන්න ඕනි කියලා ඊළඟට මේ විද්‍යාව විද්‍යාත්මක පුහුණුව කොච්චර ලැබුවත් වැඩක් නැහැ අපි අපේ ආබාධ සුව නොකරගෙන ැවතත් ක්‍රීඩාපිටියට පැමිණෙනවා නම්.

අපි සමහර වෙලා වෙලාවට දකිනවා සමහර ආබාධ ඇති වෙන්නේ කලින් ආබාධවලට ිසි ප්‍රතිකාර නොකිරීම නිසා, උදාහරණයක් වශයෙන් අපි හිතමු කාගේ හරි වළලූකර පෙරලිමට ලක් වෙලා තියෙනවා කියලා එතකොට ගොඩක් අය හිතන්නේ මේකට අයිස් තිබ්බම හරියයි කියලා අයිස් තියලා දවස් තුනකට පස්සේ වේදනාව අඩු උනාම නැවතත් ක්‍රීඩාපිටියට පැමිණීමට හැකි වෙයි කියල ඔවුන් සිතනවා නමුත් මෙතන ඔහුගේ කකුලේ පටකයක් ආබාධයට ලක්වීමත් තමයි සිදු වෙලා තියෙන්නේ පටකයක් නැවත යථා තත්ත්වයට පත්වීමට අඩුම තරමින් සතියක් හෝ සති දෙකක් අතර කාලයක් වැය වෙනවා.

අපි ප්‍රතිකර්ම කළ පසු එම පටකය තිබූ තත්ත්වයටම හෝ ඊට වැඩිය හොඳ තත්ත්වයකට ත් වූවාට පසුවයි නැවත ක්‍රීඩාපිටියට ඇතුල් විය යුත්තේ නමුත් අපිට සති දෙකක් වැනි දීර්ඝ කාලයක් ගතගත කිරීම ටිකක් අපහසුයි එම නිසා අපි සාපේක්ෂ විවේකයක් තමයි ගත යුත්තේ ,විවේකයෙන් පසු නැවත පුහුණුවීමේදී අනෙකුත් අවයවයන් පුහුනු කිරීමට අපිට හැකියාව ඇති අතර ආබාධයට ලක්වූ අවයව යට එසේත් නැත්නම් කකුල හැකිතාක් විවේක්යෙන් තැබිය යුතුයි. අපි මෙයින් වැලකීළකී සිටියේ නැතිනම් මේ ආබාධය නැවත නැවතත් ඇති වීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා සමහර ක්‍රීඩකයින් ආබාධයට ලක්වූ වූ කකුල පරිස්සම් කිරීමට යැයි සිතා අනෙක් කකුල්ට බර දී පුහුණුවීම් කටයුතු කරමු එසේ කිරීමේදී අධික බරක් කකුලට පමණක් යොමු වන නිසා එම කකුල ද ආබාධයට ලක් වීමේ ඉඩකඩ බොහොම වැඩියි.

ඉතින් කකකුලක් ආබාධයට ලක් වූ පසු පුහුණුවීම් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමටනම් අපි ආබාධයට ලක්වූ පටකයට ආධාරකයක් ලබාදිය යුතුයි අපිට මෙම ආධාරකය ලබාදිය හැක්කේ ශරීරයෙහි පිටතින්, මෙම ක්‍රියාවලියට අපි Taping කියා පවසනවා. Taping පැළඳීමෙන් එම පටකයට අමතර ආධාරයක් ලබාදීමට අපට හැකි වෙනවා, එම නිසා සාමාන්‍ය පරිදි නැවතත් පුහුණුවීම් කටයුතු සිදුකරගැනීමට අපට රැකියා හැකියාව ලැබෙනවා.

ඔබට යම්කිසි ආබාධයක් තිබෙනවානම් නිසි වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් නැවත පුහුණුවීම් කටයුතු වලට සම්බන්ධ වන්න එසේ කිරීමෙන් ඔබ නැවත නැවතත් ආබාධයට ලක්වීම වැළකෙනු ඇත.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x