ක්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චෑම්ප්
දකුණු ආසියාවේ වේගවත්ම කොල්ලො හතර දෙනා ගෙන් පොඩි ම කොල්ලා අපේ සන්දීප
January 20, 2020

අප විසින් වපුරන දේ තමයි අනාගතේ අපගේ අස්වැන්න බවට පත් වන්නේ.

අද අප ගේ ක්‍රිස්බෝ next champ තුලින් කතා බහට ලක්වන්නේ මීගමු මාරිස්ට්ලාවෙන් බිහි උන තවත් ධාවන ශූරයෙක් ගැනයි. ඔහු නමින් චානුක සන්දීප්.

සන්දීප් ඔබගේ ලබා ගත් ජයග්‍රහණය ගැන කතා කලොත්,

වයස අවුරුදු 15දී තමා මම මුලින්ම පළාත් තරග ජයග්‍රහණය කළේ. ඉන් අනතුරුව 2015 සිට 2017 දක්වා සෑම සමස්ථ ලංකා තරගයේදීම 100මී  ඉසව්ව මම ජයග්‍රහණය කරා.

මෙවැනි ජයග්‍රහණ ඔබට අත් කර ගැනීමට සහ ඔබගේ ක්‍රීඩා ගමනට සහයෝගය දුන් අය මතක් කරොත්?

මුලින්ම ගිය පාසලෙන් මට බෙහෙවින් උදව් කරන චාන්දනී  මිස්. ඉන් පසුව මෙම පාසලට ඇතුලත් වීම සදහා කලින් සිටි විදුහල්පති වන මර්වින් බ්‍රදර් ගොඩක් උදව් කරා.

මගේ පුහුනුකරුවන් වශයෙන් පිලිප් සර්.
මගේ muscles ක්‍රියාකාරිත්වය සදහා අජිත් සර් මට විශාල සහයෝගයක් ලබා දෙනවා.

ඊට අමතරව පාසලේ ක්‍රීඩා භාර ආචාර්යවරුන් වන සුසන්ත සර්, ටෝනි සර්, සිල්වා සර්, සුරංජිත් සර් හා තාරුක සර්ගෙන් නොමද සහයෝගයක් ලැබෙනවා.

ක්‍රීඩාව හා ඉගෙනීම සන්දීප් කොහොමද කලමණාකරනය කරගන්නෙ?

සතියට දින පහක සවස් වරුව ක්‍රීඩාව සදහා වෙන් කරලා තියෙනවා.  ඉතිරි සියලුම දවස්  ඉගෙනීමේ කටයුතු සදහා වෙන් කරලා තියෙනවා.

ඔබ විසින් වාර්තා කරපු හොදම කාලය කොපමණද?

2017 සමස්ථ ලංකා තරගාවලියේ 100මී ඉසව්වේදී 10.8 කාලයක් වාර්තා කරා. එයයි මගේ හොදම කාලය.

ඔබගේ ක්‍රීඩා කටයුතු වලට නිවසෙන් ලැබෙන සහයෝගය කොහොමද?

තාත්තා තමා මට වැඩිපුර උදව් කරේ.හැම වෙලාවෙම මාව පාසලට ගෙනත් දැම්මා. පුහුනුවීම් තියෙන්නෙ කොහෙද කියලා පුහුනුකරු කිව්වම තාත්තා තමා මාව එක්කන් යන්නෙ.තාත්තා හැම උදව්වක්ම  කරනවා.

ඔබගේ ක්‍රීඩා දිවියේ අනාගත බලාපොරොත්තු මොනවද?

මගේ ලොකුම බලාපොරොත්තුව 2020 වර්ශයේ ඔලිම්පික් තරගාවලියට මුහුණ දී මාගේ උපරිම දක්ශතා පෙන්වීම. ඒ වගේම ඉදිරියේදී  පැවැත්වෙන අනෙක් තරගාවලි වලට සහභාගී වීමට හා ජයග්‍රහණ ලබා ගැනීම තමයි බලාපොරොත්තුව.

Read More
අප කල අනාවැකි යථාර්තයක් බවට පත් කල අපේ වීර දූ පුතුන්
January 14, 2020

ක්‍රිස්බ්‍රෝ next champ පසුගිය කාලය පුරාවට ම අප ගේ හඬ අවදි කළේ මෙරට සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරය සහ ජාතික වශයෙන් ඔසවා තබන්නටයි සාක් කලාපීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාව සහ දක්ෂතාවයන් උරගා  බලමින් පසු ගිය දිනක නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත් වූ ක්‍රීඩා උළෙල අවසන් වූයේ ශ්‍රී ලංකාවේ ධජය මලල ක්‍රීඩා පිටියේ ඉහළින්ම ඔසවා තබමින් රන් පදක්කම් පහළොවක් අපගේ නම ඉදිරියෙන් සටහන් කර ගනිද්දී අප මේ සතුට ඔබත් සමග බෙදා ගැනීමට අමතක කළේ නැහැ මෙවර අප ගේ සිහිනය යථාර්තයක් බවට පත් කළ අපගේ දූ පුතුන් අනාගතයේ රන් අස්වනු නෙළා දෙන බවට අප විසින් අතීතයේ දී ඉඟි පළ කරා එම බලාපොරොත්තු වලට වටිනාකමක් ලැබෙන දිනක් පිළිබඳව අපි විශ්වාසයෙන් යුතු ව බලා සිටියා

අපි වළල ඒ රත්නායක විදුහලට පිය මැන්නේ අනාගතේ එලෙස දස්කම් දක්වාවියයි අප විසින් විශ්වාස කළ දිල්ශි  කුමාරතුංග නමැති එම සිසුවිය සොයා ගෙන ඔබට ඇය ගේ  ක්‍රීඩා ජීවිතය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමටයි මෙවර සාර්ක් ක්‍රීඩා උළෙලේ වැඩිපුරම කතා බහට ලක්වූයේ ඇයයි ඇය ආ ගමන් මග ගල් බොරළු කටු කොහොලු නොතිබුනා නොවෙයි එයින් ඇය තව තවත් පන්නරය ලැබුවා. ඇයගේ පසුපසින් ඇයට ශක්තියක් වන්නට හොඳ ගුරු පිරිසක් සිටියා වාගේ ම දෙමාපියන්ගේ ආශිර්වාදයත් ඇයට නොඅඩුව ම ලැබුණා අද ඇය එය අපේ රටේ අනාගතය  ලියන්නට ශක්තිමත් අඩිතාලමක් දමා ගෙන අවසන් එය අපට මහත් ආඩම්බරයක් පසුගිය දිනක ඇය ඇගේ නමට රන් පදක්කම් තුනක් ලියා ගත්තා.

ඒ වගේම මහනුවර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ අමාෂා ද සිල්වා අපට මුණ ගැසෙන්නේ එදා පාසල් ඇඳුමෙන් බෝගම්බර ක්‍රීඩා පිටියේ දී අප ඇයත් සමග ද මෙම වැඩ සටහනේ කතාබහ කළා ඇයගේ පදක්කම් සිහිනය යථාර්ථයක් බවට පත් කර ගනිමින් මෙවර සාර්ක් ක්‍රීඩා උළෙලේදී මීටර සියය සහය දිවීමේ තරඟයෙන් රන් පදක්කමක් රට වෙනුවෙන් දිනා දුන් අතර මීටර් 100 සියය කේවල තරග ඉසව්වෙන් රිදී පදක්කම ද දිනා දීමට සමත් වුණා.

අරුණ දර්ශන පිළිබඳව ද අප කතා කළේ ඔහුගේ පාසැල් වියේදීමයි ඔහු මෙවර මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා ඒ තප්පර 46.79කින් තරගය නිම කරමින් ඒ වගේම මීටර් 400 සහය දිවීමේ රන් පදක්කම දිනා ගැනීමට ද අරුණ දර්ශන තම සහය දිවීමේ කණ්ඩායම ට විශාල ශක්තියක් වුණා. කන්තලේ සේරුනුවර ඉපදී ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත කළ අරුණ දර්ශන පිළිබඳ ව එදා ඔහුගේ දෙමාපියන් සතුටු කඳුළු වගුරුවමින් අපත් සමඟ කතා කළා.

ක්‍රිස්බ්‍රෝ next champ එලෙස අනාවැකි පළ කල තවත් එක් ක්‍රීඩකයෙකු වූයේ මීගමුව මාරිස්ටෙලා විදුහලේ චානුක සන්දීප ක්‍රීඩකයා යි ඔහු මීටර් සීයය සහය දිවීමේ ඉසව්වෙන් අප රටට රන් පදක්කම ගෙන ආවේ අපගේ අනාවැකිය යථාර්ථයක් බවට පත් කරමින්.

ඒ වගේම බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් නැමති යොවුන් පිහිනුම් ශූරයා ද රිදී සහ ලෝකඩ  පදක්කම් දිනා ගත්තේ නැවත නැවතත් අප ගේ අනාවැකි නිවැරැදි බවට ඔප්පු කරමින්

අප මෙහි සඳහන් කළේ එදා අපි වැපිරූ සරු බීජයන් වල පල කිහිපයක් පමණයි අනාගතේ ඉතාමත් පැහැදිලි ජයග්‍රහණය ශක්තිය මතින් ගොඩ නැගීමටනම් අපට අවශ්‍ය වන්නේ  නිවැරදි දැක්මක් සහ අධිෂ්ඨානයක් පමණයි ඒ සඳහා Crysbro next champ ඔබත් සමග සෑම විටම අත්වැල් බැඳ ගන්නා බවට සඳහන් කරන්නේ නිහතමානි ආඩම්බරයෙනි. ඉතින් අපගේ වීරයන් ට Crysbro next champ උත්තමාචාරය.

Read More
මීටර් 400 යේ අණසක පතුරවන නුවර වෙඩිල්ල දිල්ෂි
December 20, 2019

 මෙය චැනල් අයි නාලිකාවේ 2018 මැයි 19 දා විකාශය වූ වැඩසටහනකට අයත් වාර්තා වැඩසටහනකි.
පසුගිය කාලසීමාවේදී මීටර් 400 කාන්තා ඉසව්ව දික්විජය කරන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබුණා මෑත කාලයෙ ගත්තොත්  චන්ද්‍රිකා සුභාෂිනි දකුණු ආසියානු මට්ටමෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම ලබාදීමට හා රඳවා ගැනීමට උත්සුක වුණා නමුත් මෑත කාල සීමාව ගත වෙමින් තිබෙන්නේ මීටර් 400 කාන්තා ඉසව්වෙන් ඒ තරම් ජයග්‍රහණයක් ලැබෙන තත්ත්වයක නොවේ එතකොට අපේ අනාගත මීටර් 400 තරග ඉසව්වට සිටින ක්‍රීඩිකාවන් කවුද ඒ ගැන බොහෝ දෙනා අවධානය සිටිනවා පාසල් මට්ටමේ දී අපට එවැනි ක්‍රීඩිකාවක් හමුවුණා ඒ වළල ඒ රත්නායක විද්‍යාලයෙන්.

ඇය දැනටමත් ආසියානු මට්ටමේ කනිෂ්ඨ තරග තලයේ සුපිරි දක්ෂතා පෙන්වන ක්‍රීඩිකාවක් අපි බලමු ජේෂ්ඨ තරග තලය දක්වා ඈ යන ගමන සාර්ථක වන්නේ කොහොමද කියලා

ඉතින් දිල්ෂි අපිට ඔබේ සම්පූර්ණ නම කියන්න
මගේ නම දිල්ෂි මලීෂා ශාමලී කුමාරතුංග

ඔබ ජීවත් වන ගම් ප්‍රදේශය
මගේ ගම දිගන

ඔබ ඉගෙන ගන්නා පාසල වන්නේ
මම වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ දහතුන්වන වසරෙ ඉගෙනුම ලබනවා

ඔබගේ ක්‍රීඩා ජීවිතය ගැන පොඩි විස්තරයක් කළොත්
මම මීටර් 400 අටසිය ඉසව්වලින් දැනට ජාත්‍යන්තර හා ජාතික ජයග්‍රහණය ලබාගෙන තිබෙනවා ඒ සඳහා මට මගේ ප්‍රධාන පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ගුරු පියාණන්ද සෙසු පුහුණුකරුවන් වන ස්වර්ණ පාලිත ගුරුපියාණන් ද යමුනා ගුරු මෑණියන් ද  ඉවෝන්  අභයවික්‍රම   ගුරුමෑණියන්ද රවීන්ද්‍ර අමරකෝන් ගුරුපියාණන් ද මිහිරානි සීලරතන ගුරු මෑණියන් ද මට මේ සඳහා ගොඩක් උදව් උපකාර කරනවා

2016 වර්ෂයේ දී වියට්නාමයේදී පැවැති දාහත්වන දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මට මීටර් 800 තරගයේදී පස් වන ස්ථානය ලබා ගැනීමට හැකිවුණා ඒ දෙකයි 10ක කාලයක් වාර්තා කරමින් ඒ වගේම පසුගිය දින කිහිපයේදී කොළඹදී පැවැත්වුණ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී 400 ඉසව්ව තත්පර 54.39කට නිමා කරමින් නව තරග වාර්තා දෙකක් සමගින් ලංකාවට රන් පදක්කම් තුනක් දිනා දීමට මට හැකිවුණා ඒ වගේම මගේ අම්මයි තාත්තයි මට මේ තැනට එන්න ගොඩක් උදව් කරා ඒවගේම නෑදෑයො සහ නේවාසිකාගාර ඉන්න මගේ සහෝදර සහෝදරියෝ මට මේ සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නා මම ඒ හැමෝටම ස්තූතිවන්ත කිරීමට මේක අවස්ථාවක් කරගන්නවා

ඉතින් මොනාද ඔබගේ අනාගත බලාපොරොත්තු
මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා එයිනුත් හොඳ ජයග්‍රහණයක් ලබාගෙන ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලි සඳහා ද සහභාගි වී මගේ සියලු පුහුණු කටයුතු සාර්ථක කරගනිමින් ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා ඒ සඳහා මම කැපවෙනවා.

Read More
මීටර් 800 සහ 1500 ඉසව් දෙකෙන්ම නව තරග වාර්තා තියන්න පුළුවන් වුණා – ගිහාන් තෙන්නකෝන්
October 28, 2019

ඔබ අද කරන දේ ඔබගේ අනාගත ජයග්‍රහණයන් සදහා නිසැක වශයෙන්ම බලපානවා මෙය ක්‍රීඩාවේදීද එසේමයි එම නිසයි අපි අද දවසේ සිටින යොවුන් ක්‍රීඩකයින් ගැන කතා කරන්නේ මොකද ඔවුන් තමයි අනාගත ජයග්‍රහණ ලබාදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත්වෙන්නේ.අපි මේ සුදානම් වන්නේ එලෙස අනාගත ජයග්‍රහණ ලබාදිය හැකි ක්‍රීඩකයෙක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි.

ඔබේ නම
මගේ නම තාරක ගිහාන් තෙන්නකෝන්

ඔබේ පාසැල
මම රණබිම රාජකීය විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ වාණිජ අංශයෙන් අධ්‍යාපනය හදාරනවා.

“අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා ජිවිතයද ජයග්‍රහණය කරන්න ඔහුට ශක්තිය තියෙනවා” රණබිම රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පති ඩී .යූ චන්ද්‍රකුමාර මහතා

පදිංචිව සිටින්නේ
මම ඉන්නේ මහකන්ද ප්‍රදේශයේ.

ඔබ ක්‍රීඩා කරන ඉසව් ගැන සදහන් කලොත්
මම මීටර් 800 සහ 1500 ඉසව් වලට සහභාගිවනවා.

“උදේ 6ට පුහුණුවීම් පටන් අරන් 7.30 වෙද්දී මොහුව පාසලට පිටත් කරනවා” – පුහුණුකරු එම්.ජී අනිල් මහතා

මෙතෙක් කල් ලබාගත්ත ජයග්‍රහණ ගැන කතා කලොත්
ජාතික කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ 18න පහල මීටර් 2000 බාධක දිවීම තරගයෙන් දෙවන ස්ථානය ලබාගත්තා
ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ 18න පහල මීටර් 2000 බාධක දිවීම තරගයෙන් දෙවන ස්ථානය ලබාගත්තා
2019 මධ්‍යම පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 ඉසව්ව විනාඩි1යි තප්පර 56.06 ක කාලයක් වාර්තා කරලා නව තරග වාර්තාවක් පිහිටෙව්වා
ඒ වගේම මීටර් 1500ය තරගයේත් විනාඩි 4යි තප්පර 13.03ක කාලයක් වාර්තා කරලා නව තරග වාර්තාවක් පිහිටෙව්වා

ඔබගේ පවුලේ විස්තර
මගේ අම්මා තාත්තා ඒ වගේම අක්කා කෙනෙක් ඉන්නවා ඔවුන් මට ගොඩක් උදව් කරනවා ඒ වගේම ඉස්කෝලේ යාලුවෝ, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ අපේ ආදී ශිෂ්‍යයින්ගෙන් ගොඩක් උදව් ලැබෙනවා.

“මගේ දරුවා මේ තත්වෙට ගෙනාපු සේරම දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා”- මව චම්පා දර්ශනී පෙරේරා

මේ අවස්ථාව ගැන මොකද හිතෙන්නේ
මෙවර නෙක්ස්ට් චෑම්ප් විදියට තෝරා ගත්තට ක්‍රිස්බ්‍රෝ ආයතනයට බොහොම ස්තුතියි මගේ අනාගත බලාපොරොත්තුව මීටර් 800 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ඔලිම්පික් රන් පදක්කමක් ලබාදීමයි.

Read More
රත්නපුර සීවලී මාධ්‍ය විද්‍යාලයේ කඩුලු පනින ක්‍රීඩක කනිෂ්ක සදරුවන් සිරිවර්ධන
October 10, 2019

අනාගත ක්‍රීඩා ලොව ජය ගන්නා අපේ රටේ දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉස්මතුකොට ඔවුනට අත හිත හිත දෙමින් මාධ්‍ය ඔස්සේ ඔවුන්ව අනාවරණය කරමින් දේශීය ශුරයන් ගේ අත්දැකීම් අදහස් ගෙන ගෙන එමින් ක්‍රිස්බ්රෝ නෙක්ස්ට් චැම්ප් කරන්නා වූ සමාජ සත්කාරය ඔස්සේ මෙවර අප හඳුන්වා දෙන්නේ රත්නපුර සීවලී මාධ්‍ය විද්‍යාලයේ කනිෂ්ක සදරුවන් සිරිවර්ධන ශිෂ්‍යයයි.

ඔබගේ නම?
මගේ නම කනිෂ්ක සදරුවන් සිරිවර්ධන

ඔබගේ පාසල?
මම ඉගෙනුම ලබන්නේ රත්නපුර සීවලී මාධ්‍ය විද්‍යාලයේ, ලබන වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටිනවා

ඔබ මොන ක්‍රීඩා ඉසව්වෙන්ද දස්කම් දක්වන්නේ?
මීටර් 100 කඩුලු මතින් දිවීම

අද වෙනකොට ලබාගත්ත ජයග්‍රහණ ගැන සදහන් කලොත්
මම 2017 වසරේ ජූනියර් ජෝන් ටාබට් තරගාවලියේ වාර්තාව සම කළා
2017 ජූනියර් national championship එකේ තුන්වන ස්ථානය ලබාගත්තා
2018 ජ්‍යෙෂ්ට ජෝන් ජෝන් ටාබට් තරගාවලියේ දෙවන ස්ථානය ලබාගත්තා
මම All Island හතරවන ස්ථානය ලබාගෙන තියෙනවා

ඔබ ක්‍රීඩාවට පිවිසුනේ?
මීටර් 100 කඩුලු මතින් දිවීම ඉසව්වට සහභාගී වුනේ 2016 වසරේ ඉදන්, මම 5 වසරේ ඉදන්ම ක්‍රීඩා කරනවා

විශේෂයෙන් ස්තුතිය පුදකළ යුතු අය ගැන සටහනක් කලොත්
මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ගුරුවරයා වන ඉන්දික ජයසිංහ සර්ට සර් හින්දා තමයි මම මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්නේ ඒ වගේම අපේ ස්කොලේ ක්‍රීඩා අංශය භාරව ඉන්න මේධනී මිස්, දම්මි මිස් ,හේමන්ත සර්, නිලාන් සර්, t m සර් විකුම් සර් ඇතුළු අලුතෙන් ඇවිල්ලා ඉන්න සියලුම ගුරුවරු ඒ වගේම අපේ විදුහල්පතිතුමා ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිවරුන් මට ගොඩාක් උදව් කළා

ඒ වගේම මෙවර මාව නෙක්ස්ට් චෑම්ප් විදියට තෝරගත්තට ක්‍රිස්බ්‍රෝ ආයතනයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

අනාගත බලාපොරොත්තු
මගේ අනාගත බලාපොරොත්තුව මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කමක් ලංකාවට අරන් දෙන එක.

Read More